― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsමෙරට කුකුළු නිෂ්පාදන කර්මාන්තය ඉදිරි මාස හය තුළ යළි ස්ථාවර මටිටමකට

මෙරට කුකුළු නිෂ්පාදන කර්මාන්තය ඉදිරි මාස හය තුළ යළි ස්ථාවර මටිටමකට

මෙරට කුකුළු නිෂ්පාදන කර්මාන්තය ඉදිරි මාස හය තුළ යළි ස්ථාවර මටිටමකට පැමිණෙනු ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගිය වසරේ පැවති සත්ව ආහාර හිඟකම, මව් සතුන් ආනයනය නතර කිරීම්, පොහොර හිඟය හේතුවෙන් මෙරට බඩඉරිඟු දේශීය නිෂ්පාදනය පහත වැටීම් හා බඩඉරිඟු පානයනය නතර කිරීම ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙන් කුකුළු පාලන කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන පහත වැටී තිබුණා.

කෙසේ නමුත් පසුගිය වසරේ මව් සතුන් 36,000 ක් ආනයනය කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

රටට තුළ මේ වනවිට අවශ්‍ය තරමි සහල් තොග පවතින බවත් මේ හේතුවෙන් පැරණි සහල් සහ වී තොග සත්ව ආහාර සඳහා යොදාගත හැකි වීම හේතුවෙන් හිඟයක් ද ඇති නොවන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

එමෙන්ම සෞද්ගලික අංශයේ ගොවිපලවල් සතුව කුකුළු පැටවුන් ලක්ෂ 15 ක් පමණ ප්‍රමාණයක් දැනට සිටින බව ද වාර්තාවනවා.