― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමෙරට සංචාරක කර්මාන්තයේ කැපී පෙනෙන වර්ධනයක්

මෙරට සංචාරක කර්මාන්තයේ කැපී පෙනෙන වර්ධනයක්

පෙබරවාරි පළමු සති දෙක සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයක් ප්‍රමාණය 50,000 සීමාව පසුකර තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) තාවකාලික දත්තවලට අනුව පෙබරවාරි 1 සිට 14 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් ප්‍රමාණය 54,885කි.

පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සසඳන විට එය සියයට 15 ක පමණ වර්ධනයකි. 2022 පෙබරවාරි 1 සිට 14 දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයින් 47,282 ක් පැමිණ ඇත. ජනවාරි 1සිට පෙබරවාරි 14 දක්වා කාලය තුළ සමුච්චිත පැමිණීම් 157230 ක් වූ අතර එය වසරින් වසර (YoY) සියයට 21 ක වැඩිවීමකි. 2022 දී, එම කාලය සඳහා සමුච්චිත සංචාරක පැමිණීම් 129,809 ක් විය.

සංචාරක පැමිණීම් සංඛ්‍යාව පිළිබඳ සතිපතා විශ්ලේෂණය ද වැඩි දියුණුවක් පෙන්නුම් කරයි. පෙබරවාරි (1 – 7) පළමු සතිය ජාත්‍යන්තර සංචාරකයන් 26508 ක් පැමිණ ඇති අතර දෙවන සතියේ එම සංඛ්‍යාව 28,179 දක්වා වර්ධනය වී තිබේ.

ශ්‍රී ලංකාව සඳහා විශාලතම සංචාරක ගමනාගමන උත්පාදකයා ලෙස නැගී සිටින්නේ රුසියානු සමූහාණ්ඩුව වන අතර එය පෙබරවාරි පළමු සති දෙක තුළ මුළු පැමිණීමෙන් සියයට 28 ක් විය.