31 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරජයේ නිලධාරීන්ට ව්‍යාපාරික පංතියේ ගමන් කිරීම තහනම් කරමින් විශේෂ චක්‍රලේඛයක්

රජයේ නිලධාරීන්ට ව්‍යාපාරික පංතියේ ගමන් කිරීම තහනම් කරමින් විශේෂ චක්‍රලේඛයක්

රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් නිල විදේශ සංචාරවල නිරතවීමේ දී ව්‍යාපාරික පංතියේ ගමන් කිරීම තහනම් කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

අදාළ චක්‍රලේඛය එළඹෙන සතිය තුළ නිකුත් කිරීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ.

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ අනවශ්‍ය වියදම් කපා හැරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුකූලව අදාළ චක්‍රලේඛය නිකුත් කරන බවයි වාර්තා වුණේ.

මේ අතර රජයේ නිලධාරීන් විදේශ සංචාර වලදී නවාතැන් ගන්නා හෝටල් සම්බන්ධයෙන් ද මෙම චක්‍රලේඛය මඟින් සීමාවන් පැනවීමට නියමිත බව සඳහන්.

රජයේ නිල විදෙස් සංචාරවල දී ව්‍යාපාරික පන්තියේ පහසුකම හිමි වූ රාජ්‍ය නිලධාරීන් අතරට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, කැබිනට් ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා සහ නීතිපතිවරයා ද ඇතුළත්.