― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරට තුළ ඇති හෝටල් සහ ආපනශාලා වලින් 18%ක් ප්‍රමිතියෙන් තොරයි

රට තුළ ඇති හෝටල් සහ ආපනශාලා වලින් 18%ක් ප්‍රමිතියෙන් තොරයි

මෙරට තුළ ඇති හෝටල් සහ ආපනශාලා අතරින් අසතුටුදායක තත්ත්වයක ඇත්තේ 18%ක පමණ ප්‍රමාණයක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපත්වරයා අද (19) මේ බව සඳහන් කර සිටියා.

එමෙන්ම ආපනශාලා සහ හෝටල් අතුරින් 27%ක් සාමාන්‍ය මට්ටමක පවතින බවත්, අනෙක් 55% ඉතා හොද තත්ත්වයක පවතින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මෙලෙස මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ ආහාර පාන නිෂ්පාදනය කරනු ලබන 18%ක්ව ඇති හෝටල් සහ ආපනශලා සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය නියාමනය කිරීම් සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැනි කටයුතුවල නිරතව සිටින බව ද ඔහු සඳහන් කර සිටියා.

මේ අතර ආපනශාලාවල ස්ථිර සේවකයින් නොමැතිවීම මේ වනවිට ගැටළුවක් වී ඇති බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කර සිටියා.