28.9 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි බිල අඩු කළ හැකි කාලය ගැන දැනුම්දීමක්

විදුලි බිල අඩු කළ හැකි කාලය ගැන දැනුම්දීමක්

ලබන නොවැම්බර් හෝ දෙසැම්බර් මාසය වන විට විදුලි බිල අඩු කිරීමට හැකිවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා.

ඊයේ කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියේ හිටපු ජනාධිපතිවරයා ගත් ඇතැම් තීන්දු හේතුවෙන් මෙම ආර්ථික අර්බුදය නිර්මාණය වී ඇති බවයි.

මෙම අර්බුදයෙන් මිදීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගත යුතු අතර ඒ වෙනුවෙන් මුල්‍ය අරමුදලේ කොන්දේසි අනුව කටයුතු කිරීමට සිදුවන බවයි ඔහු කියාසිටියේ.

එහෙත් තවත් මාස කිහිපයක් ගත වන විට ජනතාවට සහන ලැබෙනු ඇතැයි ද රුවන් විජේවර්ධන මහතා පෙන්වා දුන්නා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය ලැබීමත් සමග ජපානය ඉන්දියාව ඇමරිකාව චීනය මෙන්ම යුරෝපා රටවල් ද ශ්‍රී ලංකාවට ආධාර කිරීමට ඉදිරිපත් වන බව රුවන් විජේවර්ධන මහතා සඳහන් කළා.

දෙසැම්බර් මාසය පමණ වන විට විදුලි ගාස්තු අඩු කර දීමට හැකිවන බව වගකීමෙන් ප්‍රකාශ කරන බවයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකයා අවධාරණය කළේ.

එමෙන්ම සැප්තැම්බර් ඔක්තෝම්බර් මාස වන විට ජනතාවට සහන ලබාදීමට සැලසුම් කර ඇතැයි ද ඔහු පෙන්වා දුන්නා.

රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතා රට භාර ගන්නා අවස්ථාවේ ඉන්ධන, ගෑස් ලබා ගැනීමට ජනතාවට පෝලිම්වල සිටීමට සිදුවූ අතර රට තුළ තිබූ අරගලය ද පාලනය කිරීමට ඔහුට හැකි වූ බවයි.