― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවිදුලි බිල වැඩිවීම නිසා ජල ගාස්තුවත් වැඩිවෙයි ද ?

විදුලි බිල වැඩිවීම නිසා ජල ගාස්තුවත් වැඩිවෙයි ද ?

විදුලි බිල් ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් ජල ගාස්තුද ඉහළ දැමිය යුතු බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ.

නිසි අධ්‍යයනයකින් අනතුරුව ජල ගාස්තු ඉහළ දැමීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීමටයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සූදානම් වන්නේ.

ජලාශවල සිට පාරිභෝගිකයා දක්වා පානීය ජලය බෙදා හැරීමේදී වැයවන සමස්ත මුදලෙන් සියයට 35ක්ම වැය වන්නේ භාවිත කෙරෙන විදුලිය සඳහා බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පෙන්වා දෙන්නේ.

පසුගිය වසරේ සැප්තැම්බර් පළමුවනදා සිටද පාරිභෝගික කාණ්ඩ 12 ක් යටතේ ජල ගාස්තු ඉහළ දැමුණා.

ඒ අනුව ජල ඒකකයක් සඳහා පරිහරණ ගාස්තුව මෙන්ම ජල බිල්පත් සඳහා මාසික සේවා ගාස්තුවද ඉහළ දැමුන ද එම මුදල ප්‍රමාණවත් නොවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මීට පෙර පැවසුවේ.

එවන් පසුබිමක් තුළ විදුලි බිල ගාස්තු ඉහළ දැමීමද සැලකිල්ලට ගනිමින් ජල ගාස්තු ඉහළ දැමිය යුතු බව එම මණ්ඩලයේ අදහස වී තිබෙනවා.

මේ අතර විදුලි ගාස්තු සියයට 66කින් ඉහළ දැමීමට එරෙහිව බොහෝ ක්ෂේත්‍රවලට අයත් පිරිස් ආණ්ඩුවට එල්ල කළේ දැඩි විරෝධයක්.