29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසංවිධානාත්මක අපරාධකරුවෙක් වන "බකලා" කොටුවෙයි

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන “බකලා” කොටුවෙයි

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සිසිර කුමාර ජයසිංහ හෙවත් බකලා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සිටියදීයි.

එහිදී මොහු සතුව තිබූ කඩුවක්, තහනම් පිහියක් සහ යුද හමුදාව භාවිත කරන කබායක් සොයාගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ, සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ප්‍රදීප් කුමාර ජයවර්ධන හෙවත් මයිකල් නමැත්තා සමඟ එක්ව අපරාධ ක්‍රියාවල නිරතව ඇති බවට අනාවරණ වී ඇති බවයි.