27.2 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද පැවැත්වෙන විරෝධතා සඳහා පොලීසිය සූදානමින්

අද පැවැත්වෙන විරෝධතා සඳහා පොලීසිය සූදානමින්

අද (20) දිනය තුළ කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් විරෝධතා කිහිපයක් පවත්වන බවට පොලීසියට තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කරනවා.

ඒ සඳහා පොලිස් නිලධාරීන් සූදානමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. එමෙන්ම මහමඟ ගමන් ගන්නා ජනතාවට හෝ පොදු, පෞද්ගලික දේපළවලට යම් හානියක් හෝ අවහිරයක් සිදුවන්නේ නම් එම විරෝධතා පෙළපාලිවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද ඔහු සඳහන් කර සිටියා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට පොලීසිය කිසිවිටෙකත් බාධා නොකරන නමුත් යම් පිරිසක් පවතින නීතියට එරෙහිව කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.