25.6 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅපි විරෝධතාව ඉදිරියට ගෙනියනවා – සජබෙ කියයි

අපි විරෝධතාව ඉදිරියට ගෙනියනවා – සජබෙ කියයි

සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ඇතුළු පිරිසට ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, ගාලුමුවදොර පිටිය සහ ඒ ආශ්‍රිත මාර්ග කිහිපයකට ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර තිබේ.

අද (20) පස්වරු 2 සිට රාත්‍රී 7 දක්වා සාමාන්‍ය ජන ජීවිතයට බලපෑම් එල්ල විය හැකි අදාළ ප්‍රදේශවල සමගි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් විරෝධතා පැවැත්වීම තහනම් කරමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කියා සිටියේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර ඇති තහනම් නියෝගය නොතකා අද දිනයේ විරෝධතාවයේ නිරත වන බවයි.

උද්ඝෝෂණය නවත්වන්න කියලා අපට උපදෙස් දීලා නැහැ. මේ වෙනකන් ඒ සම්බන්ධයෙන් අපට කිසිදු වාරණ නියෝගයක් ලැබී නැහැ. ඒ නිසා අපි දිගටම උද්ඝෝෂණය කරනවා.” රංජිත් මද්දුම බණ්ඩාර පැවසීය.

සමගි ජන බලවේගය ප්‍රමුඛ විරෝධතා කණ්ඩායම ගාලුමුවදොර පොලිස් බල ප්‍රදේශය තුළ වීදි කිහිපයකට ඇතුළුවීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.