22.8 C
Colombo
Tuesday, March 3, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඊයේ විරෝධතාව අතරතුරදී සිසුන් 06ක් අත්අඩංගුවට

ඊයේ විරෝධතාව අතරතුරදී සිසුන් 06ක් අත්අඩංගුවට

මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා වන පරිදි කැළණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ භික්ෂූන් වහන්සේ සිව් නමක් ඇතුළු සිසුන් හය දෙනෙකු කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් මෙම විරෝධතාව ගෙන ගියේ ඊයේ සවස් කාලයේ වන අතර පසුව පොලිසිය මැදිහත් වී පිරිස විසුරුවා හැරීමට කටයුතු කර තිබුණා.

කැළණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දොරටුව අසලින් විරෝධතා පා ගමනක් ආරම්භ කර පසුව කොළඹ – නුවර මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම පිරිස විසුරුවා හැරිය බව පොලිසිය පැවසුවා.