25 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalකොස්ගෙඩිය තෝරාගත් හම්බන්තොට නගරාධිපති පොහොට්ටුවෙන් දොට්ට

කොස්ගෙඩිය තෝරාගත් හම්බන්තොට නගරාධිපති පොහොට්ටුවෙන් දොට්ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) හම්බන්තොට නගරාධිපති ගාමිණී ශ්‍රී ආනන්දගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති අතර ඒ හේතුවෙන් ඔහු නගරාධිපති ධූරයෙන් ඉවත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

මේ ගැන පක්ෂය හම්බන්තොට සහකාර පොලිස් අධිකාරිවරයාට දන්වා ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයාට දන්වා ඔහුව හම්බන්තොට නගර සභාවේ සභිකත්වයෙන් නෙරපා හැරීමටත් එමගින් නගරාධිපති ධූරයෙන් ඉවත් කිරීමටත් කටයුතු කරන ලෙසයි.

මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිත හම්බන්තොට නගර සභා මැතිවරණය වෙනුවෙන් ඔහු පොහොට්ටු පක්ෂය වෙනුවට කොස්ගෙඩිය ලකුණින් ස්වාධීන කණ්ඩායමකින් තරග වදින්නට නාමයෝජනා පත්‍ර භාරදීම හේතුවෙන් ඔහුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්කර ඇත.

තමා පක්ෂයෙන් අත්හිටුවන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයාගේ ලිපිය ලැබී ඇති නමුත් තමන් ඉවත් කිරීම නිල වශයෙන් ගැසට් කරන තුරු එම තනතුරේ කටයුතු කරන බව මැතිවරණ කාර්යාලය තමන්ට දන්වා ඇති බව ඔහු පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමාගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටි නමුත් තමන් ඊට ප්‍රතිචාර නොදැක්වූ බව ඔහු පැවසීය.

හිටපු නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වූ එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දුගේ අනුප්‍රාප්තිකයා ලෙස ඔහු එම තනතුරට පත් කර තිබුණි.