31.1 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුරු ගෙදරින් ලක්ෂ 40ක් සොරකම් කළ ඥාති පුතා

ගුරු ගෙදරින් ලක්ෂ 40ක් සොරකම් කළ ඥාති පුතා

නාරාහේන්පිට තට්ටු නිවාස සංකීර්ණයක ගුරුවරයකුගේ නිවසින් රුපියල් ලක්ෂ 40 කට ආසන්න විදෙස් මුදල්, රන් භාණ්ඩ, සහ විදේශීය මුදල් තොගයක් සොරාගත් පුද්ගලයෙකු සහ ඔහුගේ ඥාති සොහොයුරෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ලියාපදිංචි අපරාධකරුවකු වන අතර සැකකරු නිවසින් සොරා ගත් ග්‍රෑම් 15 මිලි ග්‍රෑම් 900ක් බර රන් ආභරණ හා බ්‍රිතාන්‍ය පවුම් දහසක් පොලිසිය භාරයට ගැනුණා.

සැකකරු හොරයින් මත්කුඩු ගෑම් 6 මිලිගෑම් 253 ක් සමඟ මොරටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමේදී මෙම සොරකමේ තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සැකකරු සොරාගත් රන් මාලයක් සැකකරුගේ නැගණියගේ පුතෙකුට ලබාදී තිබු බවත් ගුරුවරයාගේ නිවසින් සොරාගත් බ්‍රිතාන්‍ය පවුම් 1000 කොළඹ චැතැම් වීදියේ විදේශීය මුදල් හුවමාරු කරන මධ්‍යස්ථානයකට ලබා දී මාරු කර ඇති බවද එම ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බව කොළඹ අපරාධ කොට්ඨාසය පැවසුවා.