28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතම ආධාරකරුවන්ට බෙදන්න කසිප්පු පෙරූ අපේක්ෂකයෙකු අත්අඩංගුවට

තම ආධාරකරුවන්ට බෙදන්න කසිප්පු පෙරූ අපේක්ෂකයෙකු අත්අඩංගුවට

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ආධාර කිරීමට පැමිණෙන අයට පානය කිරීමට ලබා දීමට යැයි කියමින්  කසිප්පු පෙරූ බව කියන උඩුබද්දාව ප්‍රාදේශීය සභාවට ස්වාධීන කණ්ඩායමකින් තරග කරන අපේක්ෂකයෙක් කුලියාපිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා 18 වෙනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අපේක්ෂකයා සමඟ කසිප්පු පෙරමින් සිටියේ යැයි කියන ඔහුගේ ආධාරකරුවකු ලෙස සැලකෙන අයකු ද මේ සමග සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

කසිප්පු බෝතල් හතළිහක් සහ කසිප්පු පෙරීමට පදම් කරන ලද ගොඩා අඩංගු බැරල් දෙකක් ද කසිප්පු පෙරීමට යොදාගත් ගෑස් ලිපක් සහ ගෑස් සිලින්ඩරයක් ද මෙම වැටලීමේදී පොලිසිය භාරයට ගනු ලැබීය.

මෙම වැටලීම සිදුකර ඇත්තේ කුලියාපිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අමිත් ජයමහ මහතාට ලැබුණු තොරතුරක් මතය.

තමාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ආධාර කිරීමට පැමිණෙන ආධාරකරුවන්ට පානය කිරීමට ලබා දීමට කසිප්පු පෙරන ලදැයි සැකකාර අපේක්ෂකයා පොලිසියට පවසා ඇතැයි කියති.