― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදෙමටගොඩ ආයුධ ගබඩාවක් CCDය වටලයි

දෙමටගොඩ ආයුධ ගබඩාවක් CCDය වටලයි

දෙමටගොඩ කාලිපුල්ල වත්තේ නිවසක සඟවා තිබූ තියුණු ආයුධ තොගයක් සමග නිවසේ හිමිකරු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

පොලීසිය පැවසුවේ සැකකරු සමඟ කඩු 13 පොලිස් භාරයට ගත් බවයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මතයි මෙම නිවස වටලා ඇත්තේ. එම වැටලීමේදී පොහොර උරයක දමා තිබූ කඩු තොගය සොයා ගත් බවයි පොලිසිය පවසන්නේ.

කාලිපුල්ල වත්තට නිරතුරුවම ආ ගිය බව කියන සංවිධානාත්මක අපරාධකරුවකු වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පරිප්පුවා නමැත්තාගේ සහෝදරයා වන වරුණ ලක්මාල් මධුරංගගේ නම පවසා තරුණයන් දෙදෙනකු විසින් මීට සති දෙකකට පමණ ඉහතදී රාත්‍රීයේ පැමිණ ලක්මාල් කියූ බව පවසමින් ආයුධ තොගය නිවෙසෙහි තබා ඒවා නැවත රැගෙන යාමට එන බව පවසා පිටව ගොස් තිබේ.

ආයුධ තොගය සම්බන්ධයෙන් සැකකරු සිදුකරන ප්‍රකාශ සත්‍ය දැයි සෙවීම සඳහා දීර්ඝ විමර්ශනයක් සිදුකරන බව පොලීසිය පැවසීය.

කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

#aruna