25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදෙවොල කිලිටි කළ කපුවාට වසර 15ක සිරදඬුවමක්

දෙවොල කිලිටි කළ කපුවාට වසර 15ක සිරදඬුවමක්

විවාහය සාර්ථක කර දෙන ලෙස ඉල්ලමින් පූජාවක් පැවැත්වීම සඳහා සිය පෙම්වතා සමඟ දේවාලයට ගිය තරුණියක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ පූජකයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ විසින් අද (20) බරපතල වැඩ සහිත වසර 15ක සිරදඬුවමක් නියම කළා.

ඊට අමතරව විත්තිකරුට රුපියල් 10,000ක දඩයක් ද නියම කළ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබූවොත් අමතර මාස 06ක සිර දඬුවම් නියම කරන බවත් තීන්දුවේ සඳහන් කර සිටියා.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගිය සනූන් බදු‍ර් මොහොමඩ් නැමති පුද්ගලයෙකුට මෙලෙස දඬුවම් නියම කෙරුණා.

2012 ජුනි මස 28 වන දින විවාහය සාර්ථක කරගැනීම සඳහා පූජාවක් පැවැත්වීමට සදහා අතවරයට පත් තරුණිය සිය පෙම්වතා සමඟ දේවාලයට ගොස් තිබෙනවා.

එහිදී පෙම්වතා දේවාලයෙන් බැහැරට යවා ඇති සැකකරු සිය බිරිඳ ද පූජාවට බිත්තරයක් අවශ්‍ය බව පවසා ඇය ද නිවසින් පිටතට යවා දේවාලයේ දොර වසා විත්තිකරු මෙම දූෂණය සිදුකර ඇතැයි නඩු විභාගයේ දී සාක්ෂි අනාවරණය වුණා.

දූෂණය සිදු කළ බවට ඇසින් දුටු සාක්ෂි ඉදිරිපත් නොවූව ද ඩී.එන්.ඒ සාක්ෂි මඟින් චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් වී ඇතැයි විනිසුරුවරයා තීන්දු කළා.

ඉන් අනතුරුව විත්තිකරු විසින් ඉදිරිපත් කළ විත්තිවාචක බැහැර කළ විනිසුරුවරයා අනතුරුව එම දඬුවම ප්‍රකාශයට පත් කරනු ලැබුවා.