31.1 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාට වෙනස් වූ කහ ගෑස් සිලින්ඩර තොගයක් අධිවේගයේ දී අල්ලයි

පාට වෙනස් වූ කහ ගෑස් සිලින්ඩර තොගයක් අධිවේගයේ දී අල්ලයි

කහ පැහැති ලාෆ් ගෑස් සිලින්ඩර තොගයක් වර්ණය වෙනස් කර ප්‍රවාහනය කරමින් සිටිය දී පොලිසිය විසින් එම ගෑස් තොගය සහ ප්‍රවාහනය කළ ලොරි රථය සිය භාරයට ගෙන තිබෙනවා.

කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයේ අද (20) පෙරවරුවේ සිදුකළ පරික්ෂාවක දී මෙම ගෑස් තොගය සහ ලොරි රථය සිය භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

කෑගල්ල ප්‍රදේශයේ බෙදාහැරීම් නියෝජිතයෙකුගේ ගබඩාවක සිට මෙම සිලින්ඩර කෙරවලපිටිය ලිට්‍රෝ ගෑස් පර්යන්තය වෙත රැගෙන යමින් සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

වැඩිදුර සිදුකළ පරීක්ෂා කිරීම්වල දී හෙළිව ඇත්තේ අදාළ කහ පැහැති ලාෆ් ගෑස් සිලින්ඩර නිල් වර්ණය ආලේප කර මෙලෙස ලිට්‍රෝ ගෑස් පර්යන්තය වෙත යවා ඇති බවයි.