27.8 C
Colombo
Tuesday, August 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපැරණි අමනාපය මරණයකින් කෙළවර වූ හැටි

පැරණි අමනාපය මරණයකින් කෙළවර වූ හැටි

අඟුලාන පොලිස් වසමේ ශාන්ත සේවියර් පල්ලිය අසළදී පිරිසක් විසින් පහර දී තරුණයෙක් ඝාතනය කර තිබේ.

පොලීසිය පවසන්නේ ඊයේ (19) සවස් කාලයේදී එම ඝාතනය සිදුව ඇති බවයි.

සිද්ධියෙ මියගොස් ඇත්තේ, 27 හැවිරිදි අඟුලාන මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුගේ මාමා පදිංචිව සිටින රත්මලාන ප්‍රදේශයේ පිහිටි නිවසකට ගොස් සිටියදීයි ඔහු එසේ ඝාතනයට ලක්ව ඇත්තේ.

මරණකරුගේ මාමාද තුවාල ලබා ලුනාව රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පැරණි අමනාපයක් හේතුවෙන් එම ඝාතනය සිදුකර ඇති බවයි.

ඝාතනය සිදුකළ සැකකරුවන් මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අඟුලාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.