― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමැතිවරණ කල් දැමීම ව්‍යවස්ථා විරෝධීයි - ඉරාන් වික්‍රමරත්න

මැතිවරණ කල් දැමීම ව්‍යවස්ථා විරෝධීයි – ඉරාන් වික්‍රමරත්න

ජනාධිපතිවරයා මැතිවරණය නොපවත්වන බවට අඟවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මැතිවරණවලට අදාළ නීති උල්ලංඝනය කිරීමට කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ව්‍යවස්ථා විරෝධීව මැතිවරණයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන බවයි.

රටකට නීතියේ ආධිපත්‍යය වැදගත් බවත් පරිපාලනය කඩාකප්පල් කිරීමෙන් ජාත්‍යන්තර සහය නොලබන ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ආධාර ලැබීම ප්‍රමාද වීමට ඉඩ ඇති බවත් එහි වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය භාරගත යුතු බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.

මැතිවරණ නොපවත්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමයක් කරා ආණ්ඩුව ගමන් කරන බවයි මන්ත්‍රීවරයා එහිදී චෝදනා කළේ.

2023 මැතිවරණය පැවැත්වීම සඳහා 2022 අයවැයෙන් රුපියල් බිලියන 10ක් වෙන් කර ඇති බව පැවසූ මන්ත්‍රීවරයා කියා සිටියේ 2010 මැයි මැතිවරණය සඳහා මුද්‍රණ පිරිවැය මැතිවරණයෙන් මාස හතරකට පසු අගෝස්තු 12 වැණිදා රාජ්‍ය මුද්‍රණාලයට ගෙවනු ලැබූ බවයි.

2015 අගෝස්තු මහ මැතිවරණයේ වියදම් සඳහා රජයේ මුද්‍රණාලයට එම වසරේ ඔක්තෝම්බර් මාසයේදී මුදල් ගෙවා ඇති බවත් 2019 ජනාධිපතිවරණ මුදල් රජයේ මුද්‍රණාලයට ගෙවා ඇත්තේ මාස අටකට පසුව බවත් ඔහු පැවසීය.

එබැවින් මුද්‍රණය කිරීමට අවශ්‍ය සියලු සම්පත් තිබියදී පෙර මුදල් නොගෙවා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බව ප්‍රකාශ කිරීම මැතිවරණ කල් දැමීමේ සැලසුම් සහගත උපක්‍රමයක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.