― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමැති ඇමැතිවරු පිරිවරාගෙන රනිල් ජනරජ පෙරහර නරඹයි

මැති ඇමැතිවරු පිරිවරාගෙන රනිල් ජනරජ පෙරහර නරඹයි

වසර 35කට පසුව ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව පවත්වන ලද ජනරජ පෙරහැර ඊයේ (19) රාත්‍රියේ මහනුවර නගරයේ දී වීදි සංචාරය කළේය.

අභිමානවත් 75වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ‘විශේෂ ජනරජ පෙරහැරක්’ මහනුවර ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කරගනිමින් පවත්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා උපදෙස් දී තිබුණා.

ජනරජ පෙරහැර යනු රටේ සුවිශේෂි සිදුවීමක් වන අවස්ථාවකදී රාජ්‍ය නායකයාගේ ඉල්ලීම මත දළදා පෙරහැරට අමතරව පවත්වන විශේෂ පෙරහැරකි. ජනරජ පෙරහැරදී ඇතා පිට දළදා කරඬුව වෙනුවට ජනරජ ලාංජනය රැගෙන යාම මෙහි විශේෂත්වයයි. ශ්‍රී ලංකාවේ මේ දක්වා ජනරජ පෙරහැර 4ක් පවත්වා තිබෙනවා.

වේල්ස්යේ ආදිපාද එඩ්වඩ් කුමරු ලංකාවට පැමිණීම සනිටුහන් කරමින් 1875 වසරේදී පළමු ජනරජ පෙරහැර පවත්වා ඇති අතර 1954 දී දෙවන ජනරජ පෙරහැර පවත්වා ඇත්තේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ සපැමිණීම වෙනුවෙනි.

වික්ටෝරියා ජලාශ්‍රය විවෘත කිරීම සඳහා දෙවැනි එළිසබෙත් මහ රැජින දෙවන වරටත් ලංකාවට පැමිණීමේ අවස්ථාව සනිටුහන් කරමින් 1981 දී තුන්වන ජනරජ පෙරහැර පවත්වා තිබූ අතර 1987 දෙසැම්බර් 31 දින සිව් වන ජනරජ පෙරහැර පවත්වා ඇත්තේ මහනුවර දළදා මාලිගාවේ රන් වියන විවෘත කිරීම වෙනුවෙනි.

ඒ අනුව වසර 35කට පසු පස් වැනි ජනරජ පෙරහැර ඊයේ වීථි සංචාරය කෙරෙන්නේ 75 වැනි නිදහස් සැමරුමට සමගාමීව මෙරට සංචාරක කර්මාන්තයට විදේශිකයින්ගේ අවධානය යොමු කරගැනීමේ අරමුණින්ය.

ඊයේ පස්වරු 6.30ට මහනුවර මඟුල් මඩුව භූමියෙන් ආරම්භ වූ පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්ද වීදිය ඔස්සේ පැමිණ රජ වීදියට පිවිස, නැවත මාළිගාවට ගෙවදීමෙන් පෙරහැරේ කටයුතු අවසන් වුණි.

අලි ඇතුන් සහ දළදා මාළිගාවේ මෙන්ම සතර මහ දේවාලවල නර්තන කණ්ඩායම් ඇතුළු සියලු පෙරහැර සංස්කෘතිකාංගවලින් ජනරජ පෙරහැර විචිත්‍රවත්ව තිබුණි. පෙරහැර නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යවරුන්, තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසක් එක්ව සිටියා.