― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsමුද්‍රණය කළ ඡන්ද පත්‍රිකා රහස්‍ය ලේඛන ගබඩාවේ තැන්පත් කළා

මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකා රහස්‍ය ලේඛන ගබඩාවේ තැන්පත් කළා

මුද්‍රණය කෙරුණු තැපල් ඡන්ද පත්‍රිකා ඉදිරියේ දී ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් රහස්‍ය ලේඛන ගබඩාවේ තැන්පත් කළ බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී ලියනගේ සඳහන් කරනවා.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දිස්ත්‍රික්ක 22ට අදාළව තැපල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ. රුපියල් කෝටි 15 කට වැඩි මුදලක් පළාත් පාලන මැතිවරණයට අදාළව, මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා ඇතුළු ලියකියවිලි වෙනුවෙන් වැය වී ඇති බවයි මුද්‍රණාලාධිපතිනිය සඳහන් කර සිටියේ.

මැතිවරණ කටයුතු සඳහා මුදල් ලබා නොදෙන බවට මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කිරීම සමඟ මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා ඇතුළු ලියකියවිලි මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය විසින් මේ වනවිට තාවකාලිකව නවතා දමා තිබෙනවා.