29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංවිම හා ඛනිජතෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කරන්නැයි උපදෙස්

ලංවිම හා ඛනිජතෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කරන්නැයි උපදෙස්

ලංකා විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස රජය විසින් උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වෙයි.

තෙල් සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය මේ වන විට නව අයක්‍රම යටතේ ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බැවින් යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙසයි උපදෙස් ලබාදී ඇත්තේ.

එම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මීට පෙර සිදුකරන ලෙස උපදෙස් ලබාදී තිබුණ ද අයක්‍රම සකස් කිරීමට ප්‍රමාද වී හේතුවෙන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ද ප්‍රමාද වුණි.

එම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හරහා ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව කොටස් කිහිපයකට වෙන්කර පවත්වාගෙන යාමට සැලසුම් කර තිබේ.

එම ක්‍රියාවලිය හරහා දෙස් විදෙස් ආයෝජකයන්ට ද අවස්ථාව හිමිවන අතර තෙල් ආනයනය කිරීමේදී නව සමාගම්වලටද අවස්ථාව හිමිවනු ඇත.