27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලයිට් කැපීමට ගිය මණ්ඩලයේ සේවකයින්ට සද්දේ දැමූ මැතිවරණ අපේක්ෂකයා අත්අඩංගුවට

ලයිට් කැපීමට ගිය මණ්ඩලයේ සේවකයින්ට සද්දේ දැමූ මැතිවරණ අපේක්ෂකයා අත්අඩංගුවට

විදුලි බිල නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්දි කිරිමට නිවසට පැමිණි විදුලිබල මණ්ඩලයේ සේවකයන් පිරිසකට සාපරාදී බලහත්කාරය පෑ පුද්ගලයෙකු අද (20) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හක්මන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙකු බවයි වාර්තා වන්නේ.

සැකකරුගේ නිවසෙහි විදුලි බිල නොගෙවීමෙන් රුපියල් තිස්දහසකට වැඩි හිග මුදලක් තිබී ඇති අතර, එම හිඟ මුදල් නොගෙවීම නිසා විදුලිය විසන්ධි කිරිමට විදුලිබල මණ්ඩලයේ සේවකයින් එම නිවසට ගොස් තිබෙනවා.

එහිදී සැකකරු විසින් විදුලි සේවකයන් බිය වැද්දීම සිදුකොට සාපරාදි බලහත්කාරය පෑම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ සේවකයෙකු පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව සිදුකළ විමර්ශනයෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවටගත් බව සඳහන් කළ පොලිසිය ඔහු හෙට (21) දින දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවයි පැවසුවේ.