27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ලක්ෂ 70ක කප්පම් ලබාගත් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට

ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ලක්ෂ 70ක කප්පම් ලබාගත් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට

ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් සිරකර තබාගනිමින් රුපියල් ලක්ෂ 70 ක කප්පම් ලබාගත් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස පැහැරගෙන ගොස් ඇති ව්‍යාපාරිකයා ෆ්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ඒ අනුව ලද පැමිණිල්ලකට අනුව ව්‍යාපාරිකයා පැහැර ගැනිමට කුලි පදනම් මත ලබාගත් වෑන් රථය සොයාගත් පොලිසිය එහි හිමිකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් හෙළිවූ කරුණු අනුව සැකකරුවන් වත්තල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මරදාන, මටිටක්කුලිය, වත්තල සහ ෆ්‍රෑන්ඩිපාස් ප්‍රදේශවල පදිංචිකරුවන් වන ඔවුන් සතුව තිබී රුපියල් ලක්ෂ 70 ක කප්පම් මුදල ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.