32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews"සීතාවක ඔඩිසි" 26 වැනිදා සිට සෑම ඉරිදා දිනකම ධාවනය කෙරේ

“සීතාවක ඔඩිසි” 26 වැනිදා සිට සෑම ඉරිදා දිනකම ධාවනය කෙරේ

“සීතාවක ඔඩිසි” විශේෂ නව දුම්රිය 26 සිට සෑම ඉරිදා දිනකම ධාවනය කිරීමට කටයුතු යොදා ඇත.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් කොළඹ කොටුව සිට වග දුම්රිය ස්ථානය දක්වා සුඛෝපභෝගී සති අන්ත විශේෂ දුම්රියක් “සීතාවක ඔඩිසි” (9255/9655) ධාවනයට එක් කර ඇත.

මෙම විශේෂ දුම්රිය 2023/02/26 සිට සෑම ඉරිදා දිනකම ධාවනය කිරීමට නියමිතය.

එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 7.15 ට පිටත්ව අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයට පෙරවරු 9.35 ට ළගාවීමට නියමිත බවත් අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයෙන් එම දුම්රිය පස්වරු 5.25 ට පිටත්ව රාත්‍රී 8.03 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළගා වෙනවා.