27.2 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialFacebook හා Instagram වෙරිෆිකේෂන් සහතිකය මුදල් ගෙවා ලබාගන්න අවස්ථාවක්

Facebook හා Instagram වෙරිෆිකේෂන් සහතිකය මුදල් ගෙවා ලබාගන්න අවස්ථාවක්

ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් පරිශීලකයින්ට තම ගිණුම් සහතික කිරීම සඳහා ලබාදෙන වෙරිෆිකේෂන් (Verification) සහතිකය මුදල් ගෙවා මිලදී ගැනීමේ පහසුකම සලසාදීමට ‘මෙටා’ ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව වෙබ් පරිශීලකයින් සඳහා ඇමරිකානු ඩොලර් 11.99ක මුදලක් සහ අයිෆොස් පරිශීලකයින්ට ඩොලර් 14.99ක මුදලක් ගෙවා එම සහතික කරගැනීමට අවස්ථාව මේ වනවිට පවතිනවා.

ඉදිරියේදී මෙම පහසුකම ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත පරිශීලකයින් වෙත ලබාදීමටයි එම සමාගම තීරණය කර ඇත්තේ.

ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම්වල නිරවද්‍ය භාවය සහතික කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවසා සිටියේ.