25 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalIMF ආධාර ලැබුණම රටේ ආරථිකය නිවැරදි දිශාවට හරවනවා

IMF ආධාර ලැබුණම රටේ ආරථිකය නිවැරදි දිශාවට හරවනවා

ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වීමට පෙර තවත් කටයුතු කිහිපයක් නිම කිරීමට තිබෙන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ පසුගියදා (18) මාළිගාවත්ත, ඛෙත්තාරාම පාරේ පැවැත්වූ මහජන හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ එම කාර්යයන් නිම වූ විගස ගිවිසුම අස්සන් කළ හැකි බවත් ඉන් දේශීය ආර්ථිකයට සැලකිය යුතු මූල්‍ය ප්‍රවාහයක් එකතු වනු ඇති බවත්ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම අස්සන් කිරීමෙන් පසු ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර ආයතන ශ්‍රී ලංකාවට මූල්‍යාධාර ලබා දීමට පියවර ගනු ඇති බවයි හෙතෙම එහිදී කියා සිටියේ.

අනතුරුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නිවැරදි දිශාවට ගැනීමේ මූලික අඩිතාලම ඇරඹිය හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආර්ථිකය ගොඩගැනීම සඳහා නීති‍, රෙගුලාසි හා ක්‍රමවේද සකස් කරගෙන යන බව පැවැසූ හෙතෙම එතුළින් දේශීය හා විදේශීය ආයෝජකයන්ට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශ්වාසයක් ඇතිවනු ඇති බවයි සාගල රත්නායල සඳහන් කළේ.