22 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalIMF ප්‍රමාද වුණේ කබ්රාල්ගේ ප්‍රතික්ෂේප කිරීම නිසයි - විජේදාස රාජපක්ෂ

IMF ප්‍රමාද වුණේ කබ්රාල්ගේ ප්‍රතික්ෂේප කිරීම නිසයි – විජේදාස රාජපක්ෂ

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගත යුතු බවට යෝජනා ඉදිරිපත් වුණේ, 2021 වසරේ අග භාගයේදී බවත් නමුත් එවකට මහ බැංකු අධිපතිවරයා එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ප්‍රමාද වූ බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසීය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනය දක්වන ධනාත්මක ප්‍රතිචාරය ප්‍රමාද වීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම සඳහා ඇති ප්‍රධාන බාධාව වී ඇති බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාවේ විශ්වාසය තහවුරු කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.