29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsUSAID ආයතන ප්‍රධානියෙක් මෙරටට

USAID ආයතන ප්‍රධානියෙක් මෙරටට

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ මානුෂික ආධාර කාර්යාංශයේ ආසියානු – ලතින් ඇමරිකානු සහ කැරිබියන් කලාපයේ අධ්‍යක්ෂිකා ස්ටෙෆනි විල්කොක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටී.

ඇය මෙරටට පැමිණ ඇත්තේ ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන ප්‍රජාවගේ අවශ්‍යතා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහායි.

ඇය රත්නපුර ප්‍රදේශයේ සංචාරයකද නිරත වී ඇති අතර එහිදී ආහාර මිල අධිකවීම සහ විරැකියාව නිසා ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන පවුල් සමඟ සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

ආර්ථික අර්බුදය මගින් ඇති කර තිබෙන අභියෝග ජයගැනීම සඳහා ලෝක ආහාර වැඩසටහන යටතේ එක්සත් ජනපද අරමුදල් සහිත වැඩසටහන් මගින් ඔවුන්ට උපකාර කළ හැකි ආකාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම ඇයගේ මෙම සංචාරයේ තවත් අරමුණකි.