පසුගියදා ඉන්දියානු විසා අයදුම් කිරීමේ මධ්‍යස්ථානයට පැන එහි භාණ්ඩ සොරාගත් කල්ලිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
මෙහිදි සැකකරුවන් 4දෙනෙක් සහ එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් පිරිස වැල්ලවත්ත සහ කිරුලපන ප්‍රදේශ වල පදිංචිකරුවන් වනවා.මොවුන් සොරා ගන්නා ලද භාණ්ඩ වල වටිනාකම රුපියල් ලක්ෂ 3ක් පමණ වන බව පොලිසිය සඳහන් කළා.
අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිපුර පරීක්ෂණ බම්බලපිටිය පොලිසිය විසින් සිදු කරනු ලබනවා.