― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsකිඹුලාවල වීදි ආහාර කඩ පෙළ මැතිසබයටත් යයි

කිඹුලාවල වීදි ආහාර කඩ පෙළ මැතිසබයටත් යයි

කිඹුලාවල වීදි ආහාර කඩ පෙළ ඉවත් කර ගැනීමට මාර්ග සංවර්ධන අධිකාරිය කර ඇති නියෝගය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ සංවාදයට ලක් වුණා.

ලබන 24 වෙනිදාට පෙර මාර්ගය අසල පිහිටි මෙම වෙළඳසැල් ඉවත් කර ගන්නා ලෙසටයි මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී ඇත්තේ. කිඹුලාවල ප්‍රදේශයේ පිහිටි වීදි ආහාර කඩ පෙළ ඉවත් කිරීමට මහා මාර්ග අමාත්‍යවරයා ලෙස බන්දුල ගුණවර්ධන යටතේ ඇති මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කර ඇති නියෝගය යළි සලකා බලන ලෙස අද පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ඉල්ලා සිටියා.

එහිදී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කියා සිටියේ මාර්ග අනතුරු සිදුවීම ඇතුළු මගීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේදී ගනු ලැබූ තීරණයක් අනුව දිවයිනේ ස්ථාන 3000ක් පමණ හඳුනාගෙන ඇති බවත් කිඹුලාවල ප්‍රදේශයද ඊට ඇතුළත් වන බවයි.

මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග ද අදහස් පළ කළා. ඔහු පාර්ලිමේන්තුවට ප්‍රකාශ කලේ අද සවස 3.30ට මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් විශේෂ සාකච්ජාවක් කැඳවා ඇති බවයි.

මෙහිදී විමල් විරවංශ, ජේ.සි.අලවතුවල ඇතුළු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ පිඩාවට පත්ව සිටින ජනතාවට ආණ්ඩුව ගනු ලබන මෙවැනි තීරණ හේතුවෙන් තවත් අසීරු තාවයට පත්වන බවයි.