25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඡන්දෙට මුදල් ලබා නොදීමට එරෙහිව අයිතිවාසිකම් පෙත්සමක්

ඡන්දෙට මුදල් ලබා නොදීමට එරෙහිව අයිතිවාසිකම් පෙත්සමක්

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා 2023 වසරේ අය වැය තුළින් වෙන් කර තිබෙන මුදල් ප්‍රතිපාදන මැතිවරණ කොමිසම වෙත නිකුත් නොකිරීමට ගෙන තිබෙන තීරණය තුළින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු වග උත්තරකරුවන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර විසිනුයි අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

එහි වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපති සහ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.