32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජයිකා ව්‍යාපෘති යළි ආරම්භ කරන්නැයි අගමැතිගෙන් ඉල්ලීමක්

ජයිකා ව්‍යාපෘති යළි ආරම්භ කරන්නැයි අගමැතිගෙන් ඉල්ලීමක්

මූල්‍ය ගැටලු හේතුවෙන් තාවකාලිකව නවතා ඇති සියලුම ව්‍යාපෘති නැවත ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයෙන් (JAICA) ඉල්ලා සිටියේය.

අගමැතිවරයා මෙම ඉල්ලීම කළේ දකුණු ආසියාව සඳහා වන ජයිකා අධ්‍යක්ෂ ජනරාල් ඉතෝ තෙරුයුකි මහතා ඊයේ (20)  හමුවූ අවස්ථාවේදීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අවසන් කළ වහාම ජයිකා ව්‍යාපෘති නැවත ආරම්භ කරන බවට තෙරුයුකි මහතා අග්‍රාමාත්‍යවරයාට සහතික විය.

රාජ්‍ය මූල්‍ය අර්බුදය හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක් වටිනා ජයිකා ව්‍යාපෘති 12ක් තාවකාලිකව නතර කර තිබෙනවා.