30 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාතික ආරක්ෂක මණ්ඩලය ගැන ජනපතිගෙන් යෝජනාවක්

ජාතික ආරක්ෂක මණ්ඩලය ගැන ජනපතිගෙන් යෝජනාවක්

ජාතික ආරක්ෂක මණ්ඩලය පාර්ලිමේන්තු පනතක් මඟින් නීතිගත කිරීමට හැකිවන පරිදි පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

පසුගිය ජනවාරි මස 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුවට අනුව ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වුණේ.

වර්ෂ 1999 සිට ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක මණ්ඩලය ජාතික ආරක්ෂාවට අදාළ කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට උපදෙස් දීම සිදුකරනු ලබනවා.