27.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදයාසිරිට හා මෛත්‍රීපාලට එරෙහිව වාරණ නියෝගයක්

දයාසිරිට හා මෛත්‍රීපාලට එරෙහිව වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර යන අයට එරෙහිව කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසිනුයි මෙම වාරණ නියෝගය නිකුත් කළේ. ජා ඇළ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීනී චමාලි පෙරේරා මහත්මිය වෙනුවට එම තනතුරට වෙනත් අයකු නම් කිරීම වළක්වාලමින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

අදාළ නියෝගය මාර්තු මස 03 වනදා දක්වා බල පැවැත්වෙනු ඇති.