27.2 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනෝටන්බ්‍රිජ් හිදී අනතුරට පත් බස් රථය ගොඩගනී

නෝටන්බ්‍රිජ් හිදී අනතුරට පත් බස් රථය ගොඩගනී

නෝටන්බ්‍රිජ් දියගල මාර්ගයේදි පෙරේදා (19) අඩි 100 ක පමණ ප්‍රපාතයකට පෙරලි අනතුරට පත් බස් රථය හැටන් වැඩ බලන මහෙස්ත්‍රාත් ඉදිරියේදි ගොඩගනු ලැබුවා. වන්දනාකරුවන් පිරිසක් රැගත් බස්රථය මහරගම සිට ශ්‍රී පාද වන්දනාවට ගොස් ආපසු එමින් තිබියදී මේ අනතුරට මුහුණ දුන්නා.

අනතුරෙන් තරුණියන් දෙදෙනෙකු සහ තරුණයෙක් ජිවිතක්ෂයට පත්වූ අතර තවත් 26 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළා. නෝටන්බ්‍රිජ් සිට ගිනිගත්හේන හරහා දියගල දක්වා දිවෙන මෙම මාර්ගයේ කිලෝමිටර් 6 පමණ කොටසක් පවතින්නේ අධික වංගු සහ බැවුම් සහිතවයි.

ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට නල්ලතන්නියට පිවිසමට ඇති කෙටිම මාර්ගය මෙය නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනය වැඩි වශයෙන් සිදුවනවා. එබැවින් පිට පළාත්වල සිට පැමිණෙන බස්රථ හා අනෙකුත් වාහන ධාවනයේදී සැලකිලිමත්වන ලෙසටයි පොලිසිය රියදුරන්ට උපදෙස් දෙන්නේ.