― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsපවුල් ආරවුලක් දුරදිගයාමෙන් නිවසකට ගිනි තබයි

පවුල් ආරවුලක් දුරදිගයාමෙන් නිවසකට ගිනි තබයි

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් නිවසකට ගිනි තැබූ පිරිසක් විසින් එම නිවසේ සුරතලයට ඇති කළ සුනඛයා ද ගින්නට විසි කර මරා දැමීමේ පුවතක් අළුබෝමුල්ල – මහබෙල්ලන, කොස් කහවත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.

ගිනි තැබීමෙන් එම නිවසේ දේපළ රැසක් විනාශ වි ඇති අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ශිෂ්‍යාවකගේ සියලුම පොත් පත් ද විනාශ වී ඇත.

එම නිවසේ සුරතලයට ඇති කළ ටිම් නම් සුනඛයා ද ගින්නට විසිකර මරා දමා ඇත.ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ බව කියන ත්‍රිරෝද රථ රියැදුරන් වන පිය – පුතු දෙපළක් පොලිස් ආරක්ෂාව යටතේ පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

සැකකාර පිය – පුතු දෙපළ විසින් අළුබෝමුල්ල ප්‍රදේශයේ දී කිසියම් පිරිසක් තමන්ට පහර දුන් බවට පොලීසියට පැමිණිල්ලක් කර පිටව ගොස් මෙම නිවසට ගිනි තබා රෝහල් ගත වී ඇත්තේ.

එම පුත්‍රයා ගිනි තබන ලද නිවසේ තරුණියක සමඟ විවාහ වී පවුල් ආරවුලක් මත මේ වනවිට වෙන්වී ඇත. ඒ සම්බන්ධයෙන් දික්කසාද නඩුවක් ද විභාග වෙමින් පවති.