― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපොලිස් කතකගේ රාජකාරියට බාධා වන ලෙස හැසිරුණු තැබෑරුම් සේවකයා අත්අඩංගුවට

පොලිස් කතකගේ රාජකාරියට බාධා වන ලෙස හැසිරුණු තැබෑරුම් සේවකයා අත්අඩංගුවට

ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල් වරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියකට තැබෑරුමක සේවකයෙක් ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වින්දිත පොලිස් කාන්තාව ගල්කිස්ස ප්‍රදේශයේ පදික මාරුවක් අසල රාජකාරියේ යෙදී සිටියදී එම ස්ථානයට පැමිණි සැකකරු ” නංගි ද, අක්කා ද කියලා බලන්න මාස් එක ගලවන්නකෝ” යැයි පවසා ඔයා අපිත් එක්ක කතා කරන්න කැමැති නැද්ද ? ” ඔයා හරි ලස්සනයි” ආදී වදන් කියමින් ඇය අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වුණා.

සැකකරුගේ ක්‍රියාවට අකමැත්ත ප්‍රකාශ කළ පොලිස් කාන්තාව ඔහුට එම ස්ථානයෙන් ඉවත් ඉවත්වන ලෙස දැනුම් දුන්නද ඊට අවනත නොවීම හේතුවෙන් දුරකථනය හරහා පොලිසියට සිද්දිය දැනුම් දී එම ස්ථානයට පැමිණි පොලිස් කණ්ඩායමක් ගෙන්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ රැකියාව කරන අම්බලන්ගොඩ පදිංචිකරුවෙක්.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ අධික්ෂණය මත ගල්කිස්ස රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා වැඩිදුර පරීක්ෂණ සිදුකරයි