27.8 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබෑනා පැදවූ ලොරි රථයට නැන්දම්මා බිලිවෙයි

බෑනා පැදවූ ලොරි රථයට නැන්දම්මා බිලිවෙයි

නවගමුව, සුදවිල ප්‍රදේශයේ ඊයේ (20) ලොරි රථයකට යටවී බරපතළ තුවාල ලැබූ කාන්තාවක් රෝහල්ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ රණාල ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කළේ. කාන්තාව අනතුරට පත් ලොරි රථයේ රියදුරු ඇයගේ බෑනා බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඊයේ (20) උදෑසන අදාළ කාන්තාවට කෑම පාර්සලයක් ලබාදීමට බෑනා ලොරි රථයෙන් පැමිණ ඇති අතර ඔහු ලොරි රථයේ සිටම කෑම පාර්සලය ලබාදී රථය ඉදිරියට ධාවනය කර තිබෙනවා.

එහිදී කෑම පාර්සලය ලබාගෙන මාර්ගයේ ඉදිරියට ගමන්කර ඇති කාන්තාව මාර්ගයේ තාර ගැට්ටේ පය පැටලී වැටී එම ලොරි රථයේ ඉරිදිපස රෝදයට යටවී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් පසු අදාළ කාන්තාව නවගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර එම අවස්ථාවේ දී ඇය මියගොස් ඇති බව සඳහන්. අනතුර සම්බන්ධයෙන් ලොරි රථය පැදවූ බෑනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.