― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමැතිවරණය කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමක්

මැතිවරණය කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමක්

මැතිවරණ කල් දැමීම හෝ අවලංගු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට දරන ඒකාධිපති උත්සාහයක් බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

නිවේදනයක් නිකුත් කරන උන් වහන්සේ පවසන්නේ රාජ්‍ය නිලධාරී වාදය හා දේශපාලන අධිකාරිය මුලික මිනිස් අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය දැඩි ලෙස උල්ලංඝණය කරන තත්වයක් තුළ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ දැඩි අප්‍රසාදයට පත්වන බවයි.

රට මුහුණ දෙන දරුණු ආර්ථික අර්බුධය හමුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, එක්සත් ජාතීන්ගේ සංවිධානය ආදී ජාත්‍යන්තර ආයතනවල සහය අවැසි මොහොතක බලය රැක ගැනීමේ පටු අරමුණු වෙනුවෙන් සිදුකරන මෙවැනි ක්‍රියා නතර කරන ලෙසට අගරදගුරු හිමිපාණන් සිය නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා සිටිනවා.

ප්‍රකාශයට පත්කොට ඇති පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට ජනාධිපතිවරයා,රජය සහ සියලු රාජ්‍ය බලධාරීන්ට කටයුතු කරන ලෙසට දැනුම් දෙන කාදිනල් හිමිපාණන් ඡන්දය කල් දැමීමට හේතුව රජය කෙරෙහි නැගී එන ජනතා අප්‍රසාදය නම් ඊට අනුව වෙනස්වීමට තරම් බුද්ධියක් රටේ නායකයින්ට ඇතැයි විශ්වාස කරන බව උන්වහන්සේ නිකුත්කළ නිවේදනයේ සදහන්.