27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුද්‍රණාලයට තවමත් පොලිස් ආරක්ෂාවක් නැහැ - රජයේ මුද්‍රණාලයාධිපතිනි

මුද්‍රණාලයට තවමත් පොලිස් ආරක්ෂාවක් නැහැ – රජයේ මුද්‍රණාලයාධිපතිනි

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා පොලිසිය ප්‍රමාණවත් ආරක්ෂාවක් මෙතෙක් සපයා නොමැති බව රජයේ මුද්‍රණාලය පවසයි.

මෙම තත්ත්වය තුළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු තවදුරටත් ප්‍රමාද වන බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ කියා සිටියේ.

ඊයේ (20) සවස් වනතුරු ප්‍රධාන දොරටුවේ ආරක්ෂාව සඳහා පත්කර තිබුණේ පොලිස් නිලධාරීන් 02 දෙනෙකු පමණක් බවයි ඇය පැවසුවේ. මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතුවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 65 දෙනෙකු අවශ්‍ය බවයි ඇය සඳහන් කළේ.

මෙම ගැටලුව සම්බන්ධයෙන් තමන් විවිධ අවස්ථාවල අදාළ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කළ බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.