28.4 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසා සැකසූ සංචාරක කාඩ්පත එළිදැක්වේ

මෙරට සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසා සැකසූ සංචාරක කාඩ්පත එළිදැක්වේ

ලාංකේය සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසා සැකසූ , සංචාරක කාඩ්පත (Travel Card) එළිදැක්වීම හා අවබෝධතා ගිවිසුම (MOU) අත්සන් කිරීම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දී සිදු කෙරිණි. .

මෙම කාඩ්පත නිකුත් කිරීමෙන් පසු සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක කර්මාන්තයේ විවිධ සේවාවන් සපයන අය සදහා සංචාරකයන් සමඟ ගනුදෙනු කිරීමේදී විශේෂ වරප්‍රසාද හිමිවන අතර, මෙරටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය ගණනය කරගැනීම, ඔවුන් රැගෙන එන ඩොලර් සෘජුව බැංකුවක් සමග හුවමාරු වීම හා සංචාරකයන්හට සුරක්ෂිතව මෙම කාඩ්පත මගින් මෙරට තුළ දී භාණ්ඩ හා සේවා ලබාගැනීමට හැකිවීම වැනි ගුණාත්මක සේවාවන් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.