28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිශ්වවිද්‍යාලවලට යන සිසුන්ට ගිවිසුමක් - සුරේන් රාඝවන්

විශ්වවිද්‍යාලවලට යන සිසුන්ට ගිවිසුමක් – සුරේන් රාඝවන්

විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන සිසු සිසුවියන් ඊට ඇතුළත් කර ගැනීමට පෙර ඔවුන්ගෙන් පොරොන්දුවක් ලබා ගැනීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පවසයි

විශ්වවිද්‍යාල දේපළවලට හානි නොකරන බවට හා විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ කලහකාරී සිද්ධි ඇති කර නොගන්නා බවට සඳහන් පොරොන්දු සහතිකයකට අත්සන් ලබාගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

මෙය සමාජ සම්මුතියක් බව ද එම සම්මුතිය බිඳදමන සිසු සිසුවියන්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඔවුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන එක් සිසුවෙකු සිසුවියක වෙනුවෙන් වසරකට රුපියල් ලක්ෂ 8ක් වැය කරන බව ද ඒ අනුව වසර 4ක අධ්‍යාපනය ලබා විශ්වවිද්‍යාලයෙන් පිටව යන සිසුන් වෙනුවෙන් වසර 4ට රුපියල් ලක්ෂ 32ක් වැනි විශාල මුදලක් වැය කිරීමට රජයට සිදුව ඇති බව ද ඔහු පැවසීය.