― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsවෛද්‍යවරියකගේ ජංගම දුරකථනයට අසභ්‍ය දේ යැවූ සැකකරුවෙකු සොයා පරීක්ෂණ

වෛද්‍යවරියකගේ ජංගම දුරකථනයට අසභ්‍ය දේ යැවූ සැකකරුවෙකු සොයා පරීක්ෂණ

ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය මඟින් අධිකරනයෙන් කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරිය ඊයේ මෙම නියෝගය නිකුත්කළා.

පැමිණිලිකාරිය ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහලක සේවය කරන විවාහක වෛද්‍යවරියක් වන අතර.එම වෛද්‍යවරියගේ ජංගම දුරකථනයට නාදුනන පුද්ගලයෙකු විසින් අයුතු යෝජනා ඉදිරිපත් කරමින් ඇමතුම් ලබාදී ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

සැකකරු විසින් නානකාමරයේ සිදු කරන අසභ්‍ය සිදුවීම් පවා වෛද්‍යවරියගේ ජංගම දුරකථනයට එවා ඇති බව ද පොලිසිය අධිකරණය හමුවේ කරුණු දැක්වූවා.

පැමිණිලිකාරිය ගේ සහ අගේ සැමියාගේ ජංගම දුරකථන බස්නාහිර පළාත උතුර තොරතුරු තාක්ෂණ කොට්ඨාසය වෙත ඉදිරිපත් කර සිද්ධිය සනාථ කරන ඩී.වී.ඩී දෙකක් ලබාගෙන ඇති බව පැවසූ පොලීසිය සැකකරුගේ ක්‍රියා කලාපය හේතුවෙන් පැමිණිලිකාරිය පුද්ගලික ජීවිතයේ දී මහත් පීඩනයකට ලක්ව ඇති බව දැනුම් දුන්නා.