― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeSportස්කොට්ලන්ත ක්‍රීඩකයින් සන්දීප්ට අතට අතදීම ප්‍රතික්ෂේප කරයි

ස්කොට්ලන්ත ක්‍රීඩකයින් සන්දීප්ට අතට අතදීම ප්‍රතික්ෂේප කරයි

නේපාලය සහ ස්කොට්ලන්තය අතර එක්දින ක්‍රිකට් තරගයක් පසුගියදා පැවැත්වුණා.

තරගයෙන් අනතුරුව ස්කොට්ලන්ත ක්‍රීඩකයින් නේපාල කණ්ඩායමේ ක්‍රීඩකයින්ට අතට අත දුන්හ. එහෙත් බොහෝ දෙනෙක් නේපාල ක්‍රීඩක සන්දීප් ලමිච්චාන්ට අතට අත දීම ප්‍රතික්ෂේප කළහ.

ඊට අදාළ වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ සැරිසරනවා.

නේපාල ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර ඇති සන්දීප් ලමිච්චන් මේ වන විට එක්දින ජාත්‍යන්තර තරඟ 30කට සහ විස්සයි විස්ස තරඟ 44කට ක්‍රීඩා කර තිබෙනවා. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී 17 හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමේ පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අනුව නේපාල ක්‍රිකට් ආයතනය විසින් ඔහුගේ තරග තහනමකට ලක් විය. සන්දීප් ලමිච්චන්ට එරෙහිව පනවා තිබූ තහනම් නියෝගය ජනවාරි 31 වැනිදා ඉවත් කිරීමට තීරණය විය.

ඉන් පසුව නේපාල ක්‍රිකට් කණ්ඩායම ඔහුට එක්දින තරග 4කට ක්‍රීඩා කිරීමට අවසර ලබාදුන්නා.

මෙම අවස්ථාවේදී ස්කොට්ලන්ත ක්‍රීඩකයින් පසුගියදා පැවති තරඟයේදී ඔහුට අතට අත දීම ප්‍රතික්ෂේප කළා.