― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහබරාදුව ප්‍රාදේශිය සභාවේ ගුටිබැට හුවමාරුවක්

හබරාදුව ප්‍රාදේශිය සභාවේ ගුටිබැට හුවමාරුවක්

හබරාදුව ප්‍රාදේශිය සභාවේ මාසික රැස්වීම අතර පොදුජන පෙරමුණේ සභිකයෙකු සහ ජනතා විමුක්ති පෙරමුණේ සභිකයින් දෙදෙනා අතර ඇතිවු බහින් බස්විමක් දුරදිග ගොස් ඇතිවු ගුටිබැට හුවමාරුවක් සිදුවී තිබෙනවා.

මෙහිදී තුවාල ලැබු ජනතා විමුක්ති පෙරමුණේ සභිකයා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

උප සභාපති බන්දුපාල අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව අද රැස්වු අතර තේ විවේකයේ දී පොදුජන පෙරමුණේ සභිකයා මෙවර පළාත් පාලන මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයෙකුගේ අඩුපාඩු විවේචනය කිරීම හේතුවෙන් තිදෙනා අතර බහින් බස් වීමක් මතුවී තිබෙනවා.

පසුව පොදුජන පෙරමුණේ සභිකයා සහ ජනතා විමුක්ති පෙරමුණේ සභිකයින් දෙදෙනා අතර ගුටිබැට හුවමාරුවක් සිදු වී ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

එහිදී තුවාල ලැබු ජනතා විමුක්ති පෙරමුණේ සභිකයා විපක්ෂ නායක ලයනල් ඉපලවත්ත මහතා විසින් ඔහුගේ මෝටර් රථයෙන් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ගෙන ගොස් තිබෙනවා.

මේ අතර මෙම සිදුවීමෙන් පසු පොදුජන පෙරමුණේ සභිකයා ද තමාට තුවාල සිදුව ඇති බව පවසා අහංගම ග්‍රාමීය රෝහලට ඇතුලත්ව ඇතැයි සඳහන්.

මෙම සිදුවීමෙන් පසු උප සභාපතිවරයා විසින් සභාව කල් තබා තිබෙනවා.