25 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවෙන් තවත් බස් රථ 40ක්

ඉන්දියාවෙන් තවත් බස් රථ 40ක්

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ලබාදෙන නව බස් රථ බෙදාදීමේ තවත් අදියරක් හෝමාගම පනාගොඩ දී ඊයේ (21) සිදු කෙරුණා.

75 වන නිදහස් සැමරුමට සමගාමීව මෙරට ග්‍රාමීය ප්‍රදේශවල පොදු ප්‍රවාහනය වඩාත් ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම වසර තුළ නව බස්රථ 500ක්‌ ධාවනයට එක් කිරීමේ සංකල්පයට අනුව දිවයිනේ සියලුම ඩිපෝ වෙත මෙම නව බස් රථ බෙදා දීමට නියමිතයි.

ඒ අනුව වැඩසටහනේ තුන්වන අදියර ලෙස නව බස්රථ 40ක්‌ ලංගම ඩිපෝ වෙත භාර දීම ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණු බස් රථ 165ක්‌ අදියර 3ක්‌ යටතේ මේ වන විට මෙරට පොදු ප්‍රවාහනයට එක්කර ඇති අතර එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර නව බස් රථ 500ම ධාවනයට එක්කරන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ.

ලංකාවේ උතුරු නැගෙනහිර ඇතුළු සියලු පළාත් ආවරණ වන පරිදි දුෂ්කර මාර්ග වල මගී ප්‍රවාහන කටයුතු ශක්තිමත් කිරීම උදෙසා ලබාදෙන මෙම බස් රථ අදාල ණය වාරික ගෙවීමට හැකිවන ආකාරයේ ආදායම් ඉපැයිය හැකි මාර්ගවල ධාවනයට යෙදවීමට අදාළ ප්‍රදේශවල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් හරහා ඩිපෝ වෙත උපදෙස් ලබා දෙන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.