30 C
Colombo
Wednesday, December 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑක්සිම් බැංකුවෙන් ශ්‍රී ලංකාවට සහන කාලයක්

එක්සිම් බැංකුවෙන් ශ්‍රී ලංකාවට සහන කාලයක්

චීනයේ එක්සිම් බැංකුව විසින් ශ්‍රී ලංකාවට ණය සහ පොලී ගෙවීම සඳහා සහන කාලයක් ලබා දී ඇති බවත් එම කාල සීමාව ඇතුළත ශ්‍රී ලංකාව විසින් චීනයට ගෙවිය යුතු ණය වාරික සහ පොළිය අය කර නොගන්නා බවත් චීනය නිවේදනය කර තිබේ.

චීන ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක වෙන්ග් වෙන්බින් පසුගියදා (20) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව පැවසීය.

මේ හරහා ශ්‍රී ලංකාවේ කෙටි කාලීන ණය ගෙවීමට සහන සැලසීම චීනයේ අපේක්ෂාවයි.

මධ්‍ය කාලීන සහ කෙටි කාලීන ණය ගෙවීම සම්බන්ධයෙන් චීන එක්සිම් බැංකුව ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා ආරම්භ කරන බවද චීන ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා පවසා තිබේ.

මෙම සාකච්ඡා ශ්‍රී ලංකාවේ ණය ස්ථාවර කිරීමට හේතු වන බවද ඔහු පෙන්වා දුන්නේය.