― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsඔලබොඩුව රජමහා විහාරයේ නවම් පෙරහැර ජනපති ප්‍රධානත්වයෙන්

ඔලබොඩුව රජමහා විහාරයේ නවම් පෙරහැර ජනපති ප්‍රධානත්වයෙන්

හොරණ, ඓතිහාසික ඔලබොඩුව රජමහා විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර මංගල්‍යය සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ සිදු කෙරුණා.

විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා තලගල විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති, ඔලබොඩුව රජ මහා විහාරාධිපති, පූජ්‍ය උඩුවේ හේමාලෝක නායක ස්වාමීන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසා පිරිකර පූජා කිරීමෙන් අනතුරුව විහාරස්ථානයේ සංවර්ධන කටයුතු පිළිබඳව විමසා බලමින් උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරක ද නිරත වී තිබෙනවා.

2023 නවම් මහ පෙරහර පිංකම් මාලාව ආරම්භ කිරීම නිමිත්තෙන් ජනාධිපතිවරයා මෙහිදී විශේෂ සමරු සටහනක් ද තැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ඉන් අනතුරුව ධාතු මන්දිරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සර්වඥ ධාතුන් වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත් අතර මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළා.

රටට සහ රටවැසි ජනතාවට සෙත් පතමින් නවම් මහා පෙරහර මංගල්‍යයට සමගාමීව තිස් පැය හතේ පිරිත් දේශනයක් ද විහාරස්ථානයේ දී පැවැත් වුණා. සධාතුක කරඬුව වැඩම කරවීම සහ චාරිත්‍රානුකූලව දැහැත් පිළිගන්වා මහා සංඝරත්නයට පිරිත් දේශනය සඳහා ආරාධනා කිරීම සිදු කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසින්.

මෙම අවස්ථාවට එක්ව සිටී ශ්‍රි සුමංගල දහම් පාසලේ දරුවන් සමඟ ද සුහද කතා බහක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසා බැලුවා.