25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඖෂධ තොගයක් වරායේ රඳවාගෙන ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් ම අසත්‍යයි

ඖෂධ තොගයක් වරායේ රඳවාගෙන ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් ම අසත්‍යයි

බදු නොගෙවීම හේතුවෙන් ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ ආනයනය කළ ඖෂධ තොගයක් වරායේ රඳවාගෙන ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව මගින් හෝ රේගුව මගින් එවැනි රඳවා ගැනීමක් සිදු කර නොමැති බවත්, ඖෂධ සඳහා රජය බදු අය නොකරන බවත් හෙතෙම පෙන්වා දෙයි. ඖෂධ ආනයනයේ දී ඒවා හැකි ඉක්මණින් නිදහස් කිරීමට සැම විටම බලධාරීන් කටයුතු කරන අතර ලියකියවිලිවල යම් අඩුවක් තිබුණ ද ඒවා පසුව සම්පූර්ණ කිරීමේ පදනම මත හෝ මුලින් ම සිදු කරන්නේ ඖෂධ තොගය නිදහස් කිරීමට බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.