― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකිඹුලාවල Street Food වෙළෙඳසැල් සඳහා විශේෂ වේලාවක්

කිඹුලාවල Street Food වෙළෙඳසැල් සඳහා විශේෂ වේලාවක්

කිඹුලාවල Street Food ජංගම වෙළඳ ජාලය විධිමත් කෙරේ. ඒ අනුව අදාල ජංගම වෙළඳසැල් පස්වරු 3.30 සිට අලුයම 2.30 දක්වා පවත්වාගෙන යාමටත් දහවල් කාලයේදී ජංගම අලෙවි සැල් එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමටත් තීරණය කෙරේ.

එම ජංගම අලෙවිසැල් පවත්වාගෙන යන ස්ථාන පිරිසිදු කිරීම අදාල වෙළද සංගමයට පැවරෙන අතර ජංගම වෙළඳසැල් ඉදිරිපිට පාරිභෝගික වාහන නැවතීම සම්පූර්ණයෙන්ම තහනම් වෙයි. ඒ සඳහා විකල්ප ස්ථානයක් ලබා දීමටද පියවර ගැනේ. 

කිඹුලාවල Street Food ජංගම වෙළඳසැල් හිමියන් සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර ඊයේ(21) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණවලට එළැඹිණි. මෙම සාකච්ඡාව

පැවැත්වුණේ මෙම වෙළඳසැල් පෙබරවාරී 24 වනදා විට ඉවත් කරගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දීමේ සිද්ධියක් මුල්කර ගනිමිණි.

මේ සම්බන්ධයෙන් ඊයේ(21) පාර්ලිමේන්තුවේදීද ප්‍රශ්න කෙරුණු අතර එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ මෙම අලෙවිසැල් එම ස්ථානයෙන් ඉවත් නොකරන බවයි.

මෙම ස්ථානයේ පවතින මාර්ග තදබදය අවම කිරීම සඳහා නියාමනය කිරීම පමණක් සිදු කරන බවද ඔහු සඳහන් කළේය.

එම සාකච්ඡාවට සහභාගී වූ කිඹුලාවලප්‍රදේශවාසීන් පෙන්වා දුන්නේ Street Food ජංගම වෙළඳසැල් හේතුවෙන් තමන්ටද විවිධ බාධා සිදුව ඇති බවයි. එම බාධා ඉවත්කර දෙන ලෙස ඔවුහූ ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියහ. ඊට ප්‍රතිචාර දක්වමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ප්‍රදේශවාසීන් මුහුණ දෙන ගැටළුවලට මෙන්ම ජංගම වෙළදසැල් හිමියන් මුහුණ දෙන ගැටළුවලටද කඩිනමින් විසදුම් ලබා දෙන බවයි.

ජංගම වෙළඳාම සිදුවන ප්‍රදේශය පිරිසිදු කිරීම අනිවාර්ය බවත්, පිරිසිදු කිරීමේ වියදම් ඇතුළු සියළු වගකීම් අදාල වෙළඳ සංගමය දැරිය යුතු බවටත් මෙහිදී තීරණය කෙරුණි. 

නාගරික සංවර්ධන අධිකාරිය සහ අදාල වෙළඳ සංගමය අතර අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබේ. එය මාස තුනක කාලයකට ක්‍රියාත්මක වන අතර එම කාලය තුළ අදාල අවබෝධතා ගිවිසුම උල්ලංගණය කළහොත් ඒ වෙනුවට විකල්ප ස්ථානයක් හඳුන්වා දීමටද පියවර ගැනේ.